තාත්තගේ හයිය අරන් ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකයේ පුතා තරුණයෙකුට අම්බානෙට නෙලලා

තාත්තගේ හයිය අරන් ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකයේ පුතා තරුණයෙකුට අම්බානෙට නෙලලා

January 12, 2018   10:30 am


නවගත්තේගම නගරයේදී තරුණයෙකුට පහරදුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයෙකුට රුපියල් ලක්ෂ 02 ක් බැඟින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.

මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචිකරුවන් වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක යන දෙදෙනෙකුවය.

පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී මෙම ගැටුම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති නවගත්තේගම පදිංචිකරුවෙකු වන විද්‍යාපති මුත්තලාගේ බුද්ධික ශාලිත බණ්ඩාර සුභසිංහ (අවු:19) යන අය නවගත්තේගම ප්‍රදේශීය රෝහලට  ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.

පසුවම ඔහු සිය කැමැත්තෙන් නවගත්තේගම රෝහලෙන් පිටත්ව ගොස් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් වී ඇත.

පහර කෑමට ලක්ව ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් දෙදෙනා අතර පෙර අමනාපයක් තිබී ඇති බවත්,මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ එය බවත් පොලීසිය පවසයි.

නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.