නිකවැරටියෙන් හෙරොයින් ජාවාරම්කරුවෙක් අල්ලයි

නිකවැරටියෙන් හෙරොයින් ජාවාරම්කරුවෙක් අල්ලයි

January 12, 2018   09:23 am



නිකවැරටිය ළමා උද්‍යානය අසල රැඳී සිටි හෙරොයින් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලිස් දූෂණ මර්දන ඒකකය කටයුතු කර තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු පැමිණි යතුරු පැදියද සමග හෙරොයින් මිලි ග්‍රෑම් 950ක ප්‍රමාණයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු ප්‍රාදේශීය වශයෙන් හෙරොයින් අලවි කරන පුද්ගලයින් ට තොග සපයන අයෙකු බවත්, ගල්ගමුව, අඹන්පොළ, කොටවෙහෙර ආදී ප්‍රදේශ වලට තොග අලෙවි කර නිකවැරටිය ගැණුම්කරු පැමිණෙන තෙක් රැඳී සිටින අවස්ථාවෙදී පොලිසියට හසුවී තිබේ.