මුලතිව් දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඇස් කණ්නාඩි දෙයි

මුලතිව් දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඇස් කණ්නාඩි දෙයි

January 12, 2018   09:18 am



මුලතිව් යුදහමුදා 59 වෙනි සේනාංකය මගින් පළාතේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා අක්ෂි සායනයක් පවත්වා ඔවුන්ගෙන් 250 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ උත්සවයක් පසුගියදා මුලතිව් යුදහමුදා කදවුරේදී පවත්වනු ලැබීය.

මුලතිවු ආරක්ෂක සේනාංක අඥාපති මේජර් ජනරාල් රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පලමු ඇස් කණ්නාඩිය මුලතිව් ගණදෙවි කෝවිලේ පී.පලනියන් කුරුක්කල් තුමා වෙත ආරක්ෂක අංශ ප්‍රධානියා විසින් පළදවන ලදී.

මේ අවස්ථාවට මුලතිව් පළාතේ යුද හමුදා නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.