ඇෆ්ගනීස්ථාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝම්බරයේ

January 12, 2018   08:25 am



ඇෆ්ගනීස්ථාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව ඇෆ්ගනීස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව මීට අදාල ගිවිසුම ඊයේ දිනයේ අත්සන් තබා තිබේ.

ඇෆ්ගනීස්ථාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ එක්සත් අරාබි ඒමීර් රාජයේදී පැවැත්විමට සැලසුම් කර ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂාෆික් ස්ටැනික්ෂී පවසා ඇත.

කෙසේ වෙතත් මෙහි සත්කාරකත්වය දරන  නගර සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව පවසන සභාපතිවරයා  මෙම තරඟ පැවැත්විමට අනුමැතිය ලබාදිම පිළිබඳව ඒමිරේස්ට් ක්‍රිකට් පාලක මණ්ඩලයට සිය ස්තූතිය පළ කර තිබේ.

මෙම ක්‍රිකට් තරඟාවලියේදී කණ්ඩායම් 05ට තරඟ 23ක් සඳහා ක්‍රීඩා කිරිමට අවස්ථාව හිමි වනු ඇත.