ඔස්ට්‍රේලියාවට ආපු සුළි කුණාටුව
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාවට ආපු සුළි කුණාටුව

January 12, 2018   08:17 am



ඔස්ට්‍රේලියාවේ වයඹ දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටු තත්ත්වයත් බලපා තිබේ.

සති දෙකක කාලයක් තුළ මෙම ප්‍රදේශයට බලපෑ දෙවන සුළි කුණාටු තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුළි කුණාටු තත්ත්වය පිළිබඳව කල්පනාකාරිව සිටින ලෙස  කාලගුණ විද්‍යා බලධාරින් එරට ජනතාවට දැනුම්දී තිබේ.

මෙම සුළි කුණාටු තත්ත්වය පැයට කිලෝමිටර් 100කට අධික වේගයෙන් ඔස්ට්‍රේලියාවේ දකුණු දෙසට ගමන් කරමින් සිටින බව සදහන්ය.