ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් කරේ නැත්නම්  දිවයින පුරා හෙද වර්ජනයක් කරනවා

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් කරේ නැත්නම් දිවයින පුරා හෙද වර්ජනයක් කරනවා

January 12, 2018   08:02 am



දෛනික රාජකාරියට වාර්තා කිරිමේදී ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරිමට විරෝධය පල කරමින් කොළඹ ජාතික රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (12) උදෑසන 07.00ට අවසන් විය.

ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ක්‍රියාත්මක කරන වර්ජනයට සහය පල කරමින් ජාතික රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ද ඊයේ උදෑසන 07.00ට වර්ජනයක් ආරම්භ කළේය.

ඒ අනුව මෙම වර්ජනය ජාතික අක්ෂි රෝහලේ ද ක්‍රියාත්මක වූ අතර එම වර්ජනය ද අද (12) උදෑසන අවසන්විමට නියමිතය.

කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 10ක් ගතවන අතර ඊට මේ දක්වාත් විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නැහැ.

අද දිනය තුළ මෙම ගැටළුවට නිසි විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා හෙද වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙඳ සංගමයේ ජාතික සංවිධාක එස්.බී මැදිවත්ත මහතා සදහන් කළේය.