ඉල්ලීම්වලට විසඳම් නොලැබුනොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා
January 12, 2018 07:57 am
තම ඉල්ලීම්වලට විසදුම් නොලැබෙන්නේ නම් එළඹෙන 15 වනදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව තීරණාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.
ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති විශේෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා සඳහන් කළේ සයිටම් අර්බුදය විසදීමට රජය මේ දක්වාත් අවශ්‍ය පියවර ගෙන නොමැති බවයි.