ගම්වඳින අලීන්
January 9, 2018 02:09 pm
මිනිසුන්ගේ නොමිනිස් ක්රියා හේතුවෙන් වන අලීන් ගම්වැදීම නිරතුරුවම අසන්නට දකින්නට ලැබේ.
එවැනි පසුබිමක වන අලීන්ගේ නිජබිම් තුළ සිදුකෙරුණු නීති විරෝධී ඉදිකිරීම් පිළිබඳවයි අද දෙරණ උකුස්සාගේ මේ අනාවරණය.
මෙරට තුළ සිටින වන අලීන් ආරක්ෂා කිරීම සඳහා වගකිවයතු පාර්ශව නොයෙක් පියරවර ගත්තද මිනිස් ක්රියාකාරකම්වලින් වන අලීන්ට සිදුවන හානි පිළිබඳව නිරන්තරයෙන් අසන්නට දකින්ට ලැබේ.
එවැනි පසුබිමක උඩවලව ජාතික වනෝද්යානයටත් බූන්දල වනෝද්යානයටත් අලි සංක්රමණය වන අලිමංකඩ දෙක අවහිර කරිමින් ඉදිකිරීම් සිදුකර ඇතිබවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.
ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකිවුණේ අදාල අලිමංකඩ අවහිර වනසේ යෝජිත වන අලි රක්ෂිතය තුළ මිනිසුන් විසින් විවිධ ඉදිකිරීම් කර තිබෙන ආකාරයයි.
මේ පිළිබඳව අද දෙරණ උකුස්සා සංරක්ෂණ පර්යේෂණ ආයතයේ සභාපති ආචාර්ය ප්රතිවිරාජ් ප්රනාන්දු මහතාගෙන් විමසීමක් කළේය.
මිනිසුන් මෙලෙස වන අලීන්ගේ භූමි විනාශ කරන තෙක් වගකිවයුතු බලධාරීන් මර නින්දේ පසුවීම තවත් අලි මිනිස් ගැටුමකට අතවැනීමක් නොවන්නේද ?
බලධාරීන් වහාම ක්රියාත්මක වී මේ පිළිබඳව සොයා බලා කටයතු කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්..