Back to Top

 යාපනයේ වෙඩි තැබීමක්

යාපනයේ වෙඩි තැබීමක්

January 9, 2018  09:46 am

Bookmark and Share


යාපනයේ - පලෙයි පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි මාර්ගයකදී 8 දා රාත්‍රී 8.30 ට පමණ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බෙල්ලට වෙඩි වැදී ඇති අතර යාපනයේ - පලෙයි ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා සිවනාදමූර්ති සුරේන්ද්‍රන් නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු උතුරේ සහන සේවා ආයතනයක කාලයක් සේවය කල පුද්ගලයෙකු බවත් හෙළි වී තිබේ.

කෙසේ වෙතත් යාපනය ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය බාර වෛද්‍යවරයා කියා සිටියේ රෝගියාගේ තත්ත්වය බරපතල බැවින් කිසිදු විස්තරයක් ඔහුගෙන් ලබා ගැනීමට නොහකි වූ බවයි.

යාපනය පොලීසිය හා පලෙයි පොලීසිය ඒකාබද්ධව සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.