දුම්රිය වර්ජනය තවදුරටත් කරනවාද නැද්ද ? - තීරණය හෙට සාකච්ඡාවෙන් පසුව
December 12, 2017 09:05 pm
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට උදෑසන අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුව සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව වැඩ වර්ජනය සඳහා එක්ව සිටින දුමිරිය වෘත්තීය සමිති පවසයි.