වැඩි මිලට පොල්, පරිප්පු අලෙවි කළ වෙළෙඳුන් 353කට වැඩ වරදී

වැඩි මිලට පොල්, පරිප්පු අලෙවි කළ වෙළෙඳුන් 353කට වැඩ වරදී

December 11, 2017   03:02 pm



පාලන මිලට වැඩි මිලට පොල්, පරිප්පු සහ කරවල අලෙවි කළ වෙළෙඳුන් 353 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම අධිකාරිය විසින් ආහාර ද්‍රව්‍ය 04ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබු අතර පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක්, පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 130ක්, කට්ටා කරවල කිලෝ ග්රෑඳමයක් සඳහා රුපියල් දහසක්, සාලයා කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 425ක් ලෙස එම මිල නියම කර තිබේ.

ඒ අනුව එම උපරිම මිල නොතකා කටයුතු කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මේ දින වල වැටලීම් සිදුකරන බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.
 
එම වැටලීම් වලදී රුපියල් 75ට වඩා වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන් 97 දෙනෙකු සහ පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 154 දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

පොල් මිල සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීමට යාමේදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ද හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.