වීරකුමාරයි-පියසිරියි අත ගනී

වීරකුමාරයි-පියසිරියි අත ගනී

December 11, 2017   02:53 pm


ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී කුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔවුන් නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වූ බව එම පිරිස එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවද ඔවුන් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.