පළාත් පාලන ආයතන 93කගේ නාමයෝජනා අද සිට කැඳවයි

පළාත් පාලන ආයතන 93කගේ නාමයෝජනා අද සිට කැඳවයි

December 11, 2017   06:53 am

පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා කැඳවීම අද දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව නාමයෝජනා භාරගැනීමේ කටයුතු එළඹෙන 14 වනදා මධ්‍යහන 12.00 දක්වා සිදුකෙරෙන බව එම කොමිසම සඳහන් කලේය.

නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

නාමයෝජනා භාරදීමේදී සැළකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා මෙහිදී කරුණු පැහැදිළි කළේය.