වවුනියාවේ කඩු කල්ලිය තවත් වැඩකට සැරසෙයි- කඩු බිම දමා පිරිස පළා යයි

වවුනියාවේ කඩු කල්ලිය තවත් වැඩකට සැරසෙයි- කඩු බිම දමා පිරිස පළා යයි

December 11, 2017   06:47 am

වවුනියාව ප‍්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදුකිරීමට කඩු රැුගෙන පැමිණි කල්ලියක් පොලිිසිය දැක කඩු දෙකක් දමා පළාගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

වවුනියාව පොලිසිය පැවසූවේ ඊයේ(10) රාත‍්‍රි 9.00 ට පමණ වවුනියාව බසාර් වීදිය ප‍්‍රදේශයේ රාජකාරි කළ රථ වාහන පොලිස් නිළධාරීන් වේගයෙන් පැමිණි යතුරුපැදියක් නැවතීමට සංඥා කොට ඇති අවස්ථාවක අදාළ යතුරුපැදිකරුවන් පොලිස් නිළධාරීන්ට බිය වී වෙනත් දෙසකට හරවා පළාගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී යතුරුපැදිය හැරවීමේදී යතුරුපැදිකරුවන් සතුව තිබි පාර්සලයක් වැටී තිබේ.

යතුරුපැදියෙන් වැටුණ පාර්සලයේ දිග කඩු දෙකක් තිබී ඇති බවද පොලිසිය පවසයි.

කිසියම් අපරාධයක් ස`දහා පැමිණි පිරිසක් මෙලෙස පළාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සැකකරුවන් පැමිණි යතුරුපැදිය හදුනාගැනීමට හැකි වී ඇති අතර, පොලිසිය පැවසූවේ අදාළ යතුරුපැදිය සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.

පොලිසිය යතුරුපැදිය නැවතීමට සංඥා කිරීමත් සම`ග පැමිණ යතුරුපැදිකරුවන් බිය වී පළා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.

මේ අතර පසුගිය සමයේ යාපනය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වු කඩු කල්ලියක සාමාජිකයෙකුද වවුනියාව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පැවසූෙවි රථ වාහන පොලිස් නිළධාරීන් ප‍්‍රදේශයේ මාර්ගයන් අසළ රැුදී සිටිමින් රාජකාරි කටයුතු කළ බැවින් යතුරුපැදිය හඹා යාමට නොහැකි වි ඇති බවයි.

පොලිස් නිළධාරීන්ගේ අවධානය හේතුවෙන් අදාළ සැකකරුවන් පැමිණි යතුරුපැදිය හදුනාගැනීමට හැකි වී ඇති බවද පොලිිය ස`දහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.