අධිකරණ වෛද්‍ය සංගමයේ 80 සංවත්සරය අගමැති ප්‍රධානත්වයෙන්
December 11, 2017 05:47 am
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය සංගමයේ 80 වන සංවත්සරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වසර 50ක කාලයක් සාමාජිකත්වය සම්පූර්ණ කළ එම්. එස්. එල්. සල්ගාදු සහ එස්. බී. ඩබ්. ද සිල්වා යන මහත්වරුන් වෙත අග්‍රාමාත්‍යවරයා අතින් සමරු තිලිණ ප්රදානය කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.