ඒකාබද්ධයේ ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහය පළ කරයි

ඒකාබද්ධයේ ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහය පළ කරයි

December 10, 2017   08:27 pm




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා එක්ව තිබේ.

අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රීවරිය ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වන බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන නිදහස් පෙරමුණේ සාමාජිකාවක ලෙසයි.