දුම්රිය වර්ජකයෝ ජනපති ලේකම් නිවසේ සාකච්ඡාවක

දුම්රිය වර්ජකයෝ ජනපති ලේකම් නිවසේ සාකච්ඡාවක

December 10, 2017   08:11 pm

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

ජනාධිපති ලේකම්වරයාගේ නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දිනයේ ද ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ද එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් වර්ජනය අඛන්ඩව සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරනු ලැබීය.

මේ වන විට ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ද එක්ව සිටින බව වාර්තා වෙයි.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ ද අද පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
 
කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් සේවයට නොපැමිණන දුම්රිය සේවකයින්ගේ සේවය අත්හිටුවීමට සිදුවනු ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.