ට්‍රම්ප්ගේ තීරණයෙන් ලෙබනනයත් ගිනියම් වෙයි
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ තීරණයෙන් ලෙබනනයත් ගිනියම් වෙයි

December 10, 2017   08:01 pm


ලෙබනනයේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාව විසුරුවාහැරීම සඳහා එරට පොලීසිය විසින් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මෙම විරෝධතාව පැවති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

පලස්තීනයට සහය පල කරමින් විරෝධතාවයේ නිරත වු පිරිස් අමෙරිකානු සහ  ඊශ්‍රායල ජාතික ධජ වලට ගිනි තැබු බව සඳහන්ය.

එමෙන්ම විරෝධතාකරුවන් අමෙරිකානු තානාපති කාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.