සයිටම් පැවරීමට වෛද්‍ය නිලධාරීන් විරුද්ධ වෙයි

සයිටම් පැවරීමට වෛද්‍ය නිලධාරීන් විරුද්ධ වෙයි

December 10, 2017   06:33 pm



සයිටම් ආයතනය මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනයට පැවරීමේ තීරණයට විරුද්ධත්වය පල කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තිරණය කර තිබේ.

අද පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණයට එළඹුණු බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ මේ මොහොතේ යථාර්ථයක් නොවන අතර එවැනි අධ්‍යාපන ආයතනයක් බිහි කිරීමට උත්සාහ දැරූ සෑම අවස්ථාවේදීම රට තුළ අර්බුදකාරී තත්ත්වයන් මතුවු බව ඔහු සදහන් කළේය.

 එවැනි අර්බුද අවසන් වූයේ වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ  ජිවීත පවා අහිමිවීමෙන් බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.