එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට
December 10, 2017 05:39 pm
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ධර්මශාලා හිදී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 112ක් රැස් කළේය.
සුරංග ලක්මාල් ඉන්දීය ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමූ අතර නුවන් ප්‍රදීප් කඩුලු 02ක් සහ ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, සචිත් පතිරණ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113ක ජයග්‍රාහී ඉලක්කය පසුකට ගියේ පන්දුවාර 20යි පන්දු 04ක් වැය කරමින්.
උපුල් තරඟ සිය 36 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයට එක් ලකුණක් ලබා ගැනීමට තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 26 ක් රැස් කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 01ට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන තිබේ.