නාමල්ගමදී කත අවසන් ගමන් යයි

නාමල්ගමදී කත අවසන් ගමන් යයි

December 10, 2017   03:59 pm



කෑගල්ල, නාමල්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

නිවසක ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අදාළ කාන්තාවගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා විසින් ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලැබු කාන්තාව  ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවකි.

සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව කෑගල්ල පොලීසිය සඳහන් කළේය.