ගබඩාවීදියෙන් කුණු වූ  මළ සිරුරක් හමුවෙයි

ගබඩාවීදියෙන් කුණු වූ මළ සිරුරක් හමුවෙයි

December 10, 2017   02:01 pm



මාතර ගබඩාවීදිය ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

නිවසක් තුළින් අධික දුර්ගන්ධයක් හමා එන බවට මාතර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම නිවසේ නිදන කාමරයක් තුළ තිබී අදාළ මළ සිරුර සොයාගෙන තිබුණි.

දින කිහිපයකට පෙර මියගොස් තිබු අදාළ පුද්ගලයා එම නිවසේම පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණය මොට ආයුධයකින් හිසට පහරදීමෙන් සිදුවූවක් බවට අනාවරණය වී තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලීසිය විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.