සයුරෙන් එතෙර
කැලිෆෝනියාවේ ලැව්ගිනි නිසා අක්කර එක් ලක්ෂ 50,000ක් විනාශයි
December 10, 2017 01:57 pm
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අක්කර එක් ලක්ෂ 50,000ක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය සඳුදා පස්වරුවේ හටගත් ලැව්ගිනි තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දහසකට අධික ගිනි නිවන භටයින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත්වු භූමි ප්‍රදේශය විශාලත්වයෙන් අමෙරිකාවේ චිකාගෝ නුවරට සමාන භූමි ප්‍රදේශයක් බව සඳහන්ය.
කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වයන් නිරන්තරයෙන් වාර්තා වන අතර මේ වන විට එය සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.