ආරවුල දුර ගොස් මස්සිනාගේ පිහි පහරින් නෑනා අවසන් ගමන් යයි

ආරවුල දුර ගොස් මස්සිනාගේ පිහි පහරින් නෑනා අවසන් ගමන් යයි

December 10, 2017   01:01 pm

කෑගල්ල නාමල්ගම, දීවෙල ප්‍රදේශයේ නිවසක ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

ඉහත නිවසේ පදිංචි කාන්තාවකට, ඇයගේ වැඩිමහල් සහෝදරියගේ පුරුෂයා විසින් මෙලෙස තියුණු ආයුධයකින් තුවාල සිදු කර ඇති අතර බරපතළ තත්ත්වයෙන් ඇය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල පොලීසියට ලද තොරතුරක් මත මේ වන විට විමර්ශන ආරම්භ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 32 ක් වු හතුරුසිංහලාගේ නිලන්ති කුමාරි හතුරුසිංහ නැමති අයෙක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය කෑගල්ල රෝහලේ තබා ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව ඇත.

සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට කෑගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.