රටේ ණය බර වැඩි වෙලා

රටේ ණය බර වැඩි වෙලා

December 10, 2017   01:00 pm



වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ණයබර වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය වසර 10ටම ලබාගෙන ඇති ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් රජය ලබාගෙන ඇති බවයි.

තලංගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.