රටේ පොහොර හිඟයි-නාමල් කියයි

රටේ පොහොර හිඟයි-නාමල් කියයි

December 10, 2017   12:50 pm


මෙරට තුළ  පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 72,000ක අවශ්‍යතාව පැවතිය ද එම අවශ්‍යතාව සපුරාලීමට රජය අපොහොසත්ව ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළ තුළ පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී රජයේ පොහොර සමාගමක් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් විමසීමක් කළ අතර එහි සභාපති චමින්ද ලියනගේ මහතා සඳහන් කළේ එවැනි කිසිඳු පොහොර හිඟයක් රට තුළ නොමැති බවයි.