පුංචි ඡන්දයට පළාත් කිහිපයකින් තනිව එන බව මනෝ කියයි

පුංචි ඡන්දයට පළාත් කිහිපයකින් තනිව එන බව මනෝ කියයි

December 10, 2017   12:37 pm

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය පළාත් කිහිපයකට තනිවම තරඟ කිරිමට කටයුතු කර ඇති බව ජාතික සංහිඳියාව සංවර්ධනය හා රාජ්‍ය භාෂා ආමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඒ අනුව නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල ප්‍රධාන කර ගත් තවත් පළාත් කිහිපයකට මෙලෙස තරග කරනු ඇත.

අද (10) මස්කෙළිය නගරයේ පැවති උත්සවයකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එක්සත් ජාතික පෙරමුණ සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට තරග වැදිමට සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් ප‍්‍රකාශ කිරිමට හැකියාව ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මිස රටේ දේශපාලඥයින්ට නොවන බව මනෝ ගනේෂන් මහතා මෙහිදී තව දුරටත් සඳහන් කළේය.