රුසියානු ජාතිකයා තිරානගම මුහුදට බිලි

රුසියානු ජාතිකයා තිරානගම මුහුදට බිලි

December 10, 2017   10:31 am


හික්කඩුව තිරානගම ප්‍රදේශයේ දී මුහුදේ ගිළී රුසියානු ජාතිකයෙකු මියගොස් තිබේ.

තිරානගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසළ මුහුදේ දියනාමින් සිටියදී රුසියානු ජාතිකයෙකු සහ ඔහුගේ යුක්රේන ජාතික බිරිද හදිසි රළ පහරකට හසුව ඇති බව සඳහන්ය.

එහිදී රුසියානු ජාතිකයා දියේ ගිළී අතුරුදන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි රුසියානු ජාතිකයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය ගාල්ල කරාපිටිය රෝහලේ තබා ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.