අක්ෂි කාච බද්ද කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින්

අක්ෂි කාච බද්ද කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින්

December 10, 2017   09:03 am





අක්ෂි කාච බද්ද කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීම සඳහා පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ දී රෝගීන් 174  දෙනෙකු සඳහා අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ජාතික රෝහලේ ශල්‍යාගාරවල නඩත්තු කටයුතු හේතුවෙන් ප්‍රමාද වන හෘද සැත්කම් පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සිදුකිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.