යුද්ධය අවසන් කළ බව ඉරාකය නිවේදනය කරයි
සයුරෙන් එතෙර

යුද්ධය අවසන් කළ බව ඉරාකය නිවේදනය කරයි

December 10, 2017   08:55 am



සංකල්පිත ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි යුද්ධය අවසන් කළ බව ඉරාකය නිවේදනය කර තිබේ.

අග්‍රමාත්‍ය හයිදර් අල් අබාදි බැග්ඩෑඩ් නුවර දී ප්‍රකාශ කර ඇත්තේ ඉරාක හමුදාව මේ වන විට ඉරාක සිරියානු දේශසීමාව සම්පූර්ණයෙන් පාලනයට ගෙන ඇති බවයි.

අයි.එස්.ත්‍රස්තවාදීන් විසින් තම සිහින රාජ්‍ය සඳහා ඉරාකයේ නගර කිහිපයක බලය අත්පත් කරගෙන තිබූ අතර රජයේ හමුදා එම ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමට සමත් වුණි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරාකයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබපැතුම් එක්කර තිබේ.