අද තරගයට වොෂ්න්ටන් කැඳවයි

අද තරගයට වොෂ්න්ටන් කැඳවයි

December 10, 2017   08:12 am



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද(10) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ ඉන්දීය සංචිතය සඳහා වොෂිංටන් සන්ඩර් ඇතුළත් කර තිබේ.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් කෙඩාර් ජාදව් පළමු තරගය සඳහා සහභාගී නොවන අතර වොෂිංටන් සන්ඩර් ඒ වෙනුවට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

18 හැවිරිදි වොෂිංටන් සන්ඩර්  පළමු පෙළ තරග 12කට සහභාගී වී ලකුණු 532ක් ලබා සිටියි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පළමු එක්දින තරගය දරම්සාලාහිදී ආරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරන අතර ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි. 

 දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.