විදුලි සැර සෙබලාගේ ජීවිත ගමන නතර කරයි

විදුලි සැර සෙබලාගේ ජීවිත ගමන නතර කරයි

December 10, 2017   08:04 am




යුද හමුදා සෙබලෙකු පනාගොඩ යුද හමුදා කඳවුර තුළ දී විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

හමුදා කඳවුර තුළ ඇති පොකුණක විදුලිය අලුත්වැඩියාවක නිරතව සිටියදී ඔහුට විදුලිසැර වැදී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසුවු හමුදා සෙබලෙකි.

 මෘත ශරීරය හෝමාගම රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) සිදුකිරීමට නියමිතය.