බුදු දහම වර්ධනය කරන ගමන් ලෝකයට එය බෙදා දිය යුතුයි
December 10, 2017 07:09 am
මෙරට බුදු දහම වර්ධනය කරන අතර තුර එය ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත කිරීමේ වගකීමක් රජයට පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අතීතයේ සිට ශ්‍රී ලංකාව ථේරවාදී බුදු දහම රැක ගනිමින් ලෝකයේ රටවල් රැසකට ව්‍යාප්ත කළ බවයි.
පන්නිපිටිය පැලැන්වත්ත සම්බුදු විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.