දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් සෙවන් කිරුළ සූනීර සුමංගට
December 10, 2017 12:36 am
ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගැනීමට සුනීර සුමංග සමත් විය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඊයේ රාත්‍රී පැවති අති උත්කර්ෂවත් අවසන් මහා රාත්‍රියේ දී ජයග්‍රහකයන් තේරීම සිදුවිය.
අවසන් මහා තරඟය සඳහා තරග කරුවන් තිදෙනෙකු සුදුසුකම් ලැබු අතර ඔවුන් ඉදිරිපත් කළ ගායන කුසලතා අනුව රසික ජනතාවගේ එස්.එම්.එස්.මනාපය මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදුකෙරිණි.
ඒ අනුව වැඩිම මානප හිමිකර ගනිමින් සුනීර සුමංග කිරුළ හිමිකර ගත් අතර අනු ශූරයා බවට පත් වුයේ ශලීන් කෞෂල්‍යයි.
මහේෂා සඳමාලි දෙරණ ඩ්රිම්ස් ස්ටාර් සීසන් සෙවන් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
ජයග්රාහකයින්ට කුසලාන සමඟ ත්‍යාග සහ මුදල් හිමිවිය.