හම්බන්තොට වාරායේ මෙහෙයුම් අද නිල වශයෙන් ආරම්භ කරයි
December 9, 2017 06:50 am
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හිමිකාරීත්ව ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව “හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 85ක් චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමගාමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වේ.
ඉන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව වාර්තා වේ.
“හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් සර්විසස්” පුද්ගලික සමාගමෙන් සියයට 58ක් “හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප්” පුද්ගලික සමාගමට හිමි වන අතර ඉතිරි සියයට 42 ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ.
හම්බන්තොට වරාය සංවර්ධනය සදහා ඉහත සමාගම් අතර හවුල්කාරීත්ත්ව ගිවිසුම පසුගිය ජුලි මස 29 වැනිදා අත්සන් තැබිණි.
හම්බන්තොට වරාය වසර 99ක බදු ගිවිසුමක් යටතේ සංවර්ධනය සදහා අදාළ සමාගම් වෙත පැවරෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකක මුදලක් හිමි වේ.
එහි මූලික ගෙවීම් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයක මුදලක් අද ශ්‍රි ලංකාවට හිමිවිමට නියමිතය.
මාස හයක් තුළ දී සම්පුර්ණ මුදල රජයට හිමිවන අතර හම්බන්තොට වරායේ ආයෝජනය සදහා ද චින සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් යෙදවීමට නියමිතය.