අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කරයි
December 7, 2017 05:33 pm
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.
ඒ අනුව විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල මහතා පත්කර තිබෙන අතර, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.
කෙසේ නමුත් අද තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ ලේකම්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබිණි.
විශේෂ කාර්යයභාර අමාත්‍යංශය වෙත ඔහු මාරු කර ඇති බව වාර්තා විය.