පුංචි ඡන්දෙන් ශ්‍රිලනිප යේ අයිතිකරුවන් තෝරන බව ජී.එල්. කියයි

පුංචි ඡන්දෙන් ශ්‍රිලනිප යේ අයිතිකරුවන් තෝරන බව ජී.එල්. කියයි

December 7, 2017   05:32 pm

ඉදිරියේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හුදෙක් ආයතන සඳහා නියෝජිතයින් පත් කර ගැනීමට පමණක් සීමා වන මැතිවරණයක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(07) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරියේ දී ජනාධිපතිවරණයක් 2019 වසරේ පැවැත්වීමට ඇති බවත්, එතෙක් මෙම මැතිවරණයේ තීන්දුව මත බොහෝ දේ වෙනස් කළ හැකි බවත්, ජී.එල්.පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ කරුණු රැසක් මෙම පළාත් පාලන මැතිවරණය තුළින් නිගමනය කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්ව ඇති නැති බැරි තත්ත්වය මත ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන ආරාධනා කරන නමුත්, එය සැබෑ අවශ්‍යතාවය නොවන බව ද ජි.එල්.පීරිස් මහතා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකරුවන් කවුද කියන එක මෙම මැතිවරණය තුළින් නිවැරදිව දැනගත හැකි බව ද ඔහු සඳහන් කළේය.