බෝතලෙන් ඇන මරා මිනිය ළිඳේ හංගා බේරෙන්න ගිය ඝාතකයා ඉලංචේලියන් කොළ නැති ගහේ යවයි

බෝතලෙන් ඇන මරා මිනිය ළිඳේ හංගා බේරෙන්න ගිය ඝාතකයා ඉලංචේලියන් කොළ නැති ගහේ යවයි

December 7, 2017   05:05 pm

කිලිනොච්චිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කළ ජෙගදීශ්වරන් හරිහරන්  නමැති පුද්ගලයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා අද(07) මරණ දඩුවම නියම කරනු ලැබීය.

2010 ජනවාරි මස 25 වැනිදා වේළුපිල්ලේ ශිවරූබන් නමැති පුද්ගලයෙකුට බෝතලයකින් ඇන ජිවිතක්ෂයට පත්කොට මළ සිරුරේ ගලක් බැඳ ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වු ජෙගදීශ්වරන් හරිහරන් නමැත්තාට මෙසේ දඬුවම් නියම විය.

සිද්ධිය සම්බන්ධයෙන් ජෙගදීශ්වරන් හරිහරන් හා තංගරාජා රාජේන්ද්‍රන් නමැති පුද්ගලයින් දෙදෙනෙකු වෙත චෝදනා එල්ලවි තිබුණද තංගරාජා රාජේන්ද්‍රන් නමැති පුද්ගලයාට එරෙහිව වන සාක්ෂි ප‍්‍රමාණවත් නොමැති බැවින් සැකකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පළමුව නඩුව විභාග කොට තිබු අතර, නීතිපති උපදෙස් මත 2011 පෙබරවාරි මාසයේදී නඩු විභාගය යාපනය මහාධිකරණයට මාරුකොට තිබිණ.

වරදකරු ජනාධිපතිවරයා නියම කරන දිනයක එල්ලා මරණ ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ මෙහෙයවා තිබිණ.