කොස්ගස් හංදියේ සිට ඔරුගොඩවත්තට එක තීරුවයි
December 7, 2017 03:25 pm
ග්රෑන්ඩ්පාස් කොස්ගස් හංදිය ප්රදේශයේ සිට ඔරුගොඩවත්ත හංදිය දක්වා වු ස්ටෙස් මාර්ගයේ එක් මංතීරුවක් හෙට රාත්රියේ සිට තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසයි.
ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් හෙට රාත්රී 9 සිට ලබන 11 වැනිදා උදෑසන 5 දක්වා අදාළ මංතීරුව වසා තැබෙන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
එබැවින් එම මාර්ගය භාවිත කරන රථවාහන රියදුරන් අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
ඒ අනුව කොස්ගස් හංදියෙන් ඔරුගොඩවත්ත දෙසට ගමන් කරන සියලුම වාහන කොස්ගස් හංදියෙන් හරවා ග්රෑන්ඩ්පාස් පාර ඔස්සේ බබාපුල්ලේ හංදියට පැමිණ එම මාර්ගයෙන් කෙත්තාරාම දෙසට ධාවනය කර බෝධිරාජ මාවත ඔස්සේ සහ සද්ධර්ම මාවත ඔස්සේ බේස්ලයින් මාර්ගයට පැමිණ ඔරුගොඩවත්ත හංදියට ළගා විය හැකි බව සඳහන්ය.