TNA එකට එරෙහි සටනට එන TLA පුංචි ඡන්දයට ඇප තැම්පත් කරයි
December 7, 2017 02:14 pm
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහිකළ දෙමළ විමුක්ති සන්ධානය පළාත් පාලන මැතිවරණයේදී ජන්දය පැවැත්වීමට නියමිත යාපනය චාවකච්චේරි නගර සභාව වෙනුවෙන් අද (07) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
දෙමළ විමුක්ති සන්ධානයෙන් චාවකච්චේරි නගර සභාවට ඉදිරිපත්වන කණ්ඩායම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් යාපනය මැතිවරණ කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කෙරිණ.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා තවත් කණ්ඩායම් රැසක ඒකාබද්ධතාවයෙන් යුතු දෙමළ විමුක්ති සන්ධානය සූර්යා ලකුණින් යුතුව ඊයේ(06) බිහි කරනු ලැබීය.
ඇප තැන්පත් කිරීමට පැමිණි නියෝජිතයින් පැවසූවේ යාපනය නගර සභාව තුළ දෙමළ ජාතික සන්ධානය පරදා දෙමළ විමුක්ති සන්ධානය ජයග්‍රහණය කිරීම ස්ථිර බවයි.
වැල්වැටිතුරෙයි ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු කණ්ඩායමක් ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.