අඟහරුට බෝම්බ ගහලා - පුපුරා නොගිය බෝම්බයක් හමුවෙයි
සයුරෙන් එතෙර

අඟහරුට බෝම්බ ගහලා - පුපුරා නොගිය බෝම්බයක් හමුවෙයි

December 7, 2017   01:58 pm



අඟහරු ග්‍රහයා මත තිබී සොයාගත් නවතම වස්තුවක් වෙත මේ වනවිට ලොවපුරා සියලු දෙනාගේ අවධානය යොමුව තිබේ.

මෙලෙස අඟහරු ග්‍රහයා මත තිබී සොයාගෙන ඇත්තේ ගෝලාකාර වස්තුවක් බව සඳහන්ය.

මෙය මීට වසර මිලියන ගණනාවකට පෙර ඇතිවූ ග්‍රහ ලෝක අතර යුද්ධයකදී අඟහරු ග්‍රහයා මතට එල්ලකරන ලද බෝම්බ ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව මත පළ කරන්නන් අදහස් දක්වයි.

මෙය වෙනත් ග්‍රහලෝකයක සිට එල්ලකරන ලද්දක් බව එහිදී ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තවත් පරීක්ෂයන් පිරිසක් එම ප්‍රකාශය බැහැරකරමින් පෙන්වා දෙන්නේ මෙය ස්වභාවික විපර්සාසයන්ට ලක්වූ පාෂාණයක් විය හැකි බව ප්‍රකාශ කරයි.