පුංචි ඡන්දෙ වෙනුවෙන් මහින්ද පළමු වරට පූජිත් හමුවෙයි

පුංචි ඡන්දෙ වෙනුවෙන් මහින්ද පළමු වරට පූජිත් හමුවෙයි

December 7, 2017   01:13 pm

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව මැතිවරණ කොමිසන් සභාව සමඟ ශ්‍රී ලංකා පොලීසිය අද(07) පවත්වා තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මොන්ම මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වි ඇත.

එහිදී ඉදිරි මැතිවරණයේ නාමයෝජනා බාර දීමේ දී තිබිය යුතු ආරක්ෂාව හා නීතිමය ප්‍රතිපාදන පිළිබඳ ඉදිරි සතියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.