තවත් ගජමුතු ඡාවාරමක් උකුසු ඇසට

තවත් ගජමුතු ඡාවාරමක් උකුසු ඇසට

December 7, 2017   10:37 am

පසුගිය දින කිහිපය පුරාම අද දෙරණ උකුස්සා ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ සහ ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රට හමුවේ අනාවරණ කළා.

ඒ අනුව ඇත් පරපුර ආරක්ෂා කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එවැන් පසුබිමක තවත් ගජමුතු ජාවාරමක් ගල්ගමුව ප්‍රදේශයෙන්ම අනාවරණ වීම හේතුවෙන් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේ ඊයේ(06)දෙරණ උකුස්සාද සමඟින් ය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අද දෙරණ උකුස්සාද සමඟින් එම ප්‍රදේශයට රහසේ ළඟා විය.

එහි පළමු පියවර ලෙස උපාය දූතයෙකු මගින් ජාවාරම්කරුවන් සමඟ ජාවාරම සම්බන්ධයෙන් පළමුව සාකාච්ඡා කරනු ලැබීය.

ඉන්පසු සිදු වූයේ කුමක්ද ?

ඒ පිළිබඳ තොරතුරු අද දිනයේදී රට හමුවේ අනාවරණ කිරීමට උකුස්සා සූදානම්.....