උතුර-නැගෙනහිර මුහුද අනතුරුදායකයි-විමසිල්ලෙන් ඉන්න

උතුර-නැගෙනහිර මුහුද අනතුරුදායකයි-විමසිල්ලෙන් ඉන්න

December 5, 2017   12:56 pm



බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය මේ වන විට ත්‍රීකුණාමලයේ සිට කිලෝමීටර් 990 ක් පමණ දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වනු ඇති බවයි.

ගොඩබිම ප්‍රදේශයට එහි බලපෑමක් නොවුණද උතුර, උතුරු මැද හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ මේ හේතුවෙන් අනතුරුදායක විය හැකි බව ද ඔහු කියා සිටියේය.