මඩකළපු වෙරළට මුහුදු සර්පයින් ගොඩ ගසන්නේ මුහුදේ වෙනසක් නිසාද?

මඩකළපු වෙරළට මුහුදු සර්පයින් ගොඩ ගසන්නේ මුහුදේ වෙනසක් නිසාද?

December 5, 2017   12:40 pm


මඩකළපුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ඇත්තේ මුහුදු ජලයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් බව නාරා ආයතනය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීමට හේතුව සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නාරා ආයතනය සඳහන් කළේය.

පෙරේදා පස්වරුවේ මඩකළපුව, නාවල්අඩි ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් රැසක් ගොඩගසා තිබූ අතර ධීවර දැල් කිහිපයකටද මෙම මුහුදු සර්පයින් බහුල වශයෙන් හසුවූ බව ධීවරයින් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස මුහුදු සර්පයින් බහුල වශයෙන් හමුවීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසට ධීවර අමාත්‍යංශය නාරා ආයතනයට ඊයේ (04) දිනයේ දැනුම් දුනි.

ඒ අනුව ඔවුන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුදු ජලයේ පවතින අධික උෂ්ණත්වය මෙම සර්පයින් මුහුදු වෙරළට ගොඩ ගැසීමට ප්‍රධාන හේතුවක් බවයි.