අකිල මැතිවරණ නීති උල්ලංඝනය කරලා
December 5, 2017 12:34 pm
සුරක්ෂා රක්ෂණ ක්රමයේ සමාරම්භක උත්සවය යොදා ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට කටයුතු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේ අදාළ උත්සවය වෙනුවෙන් පාසල් තුළ ප්‍රාදේශීය දේශපාලනඥයින් යොදා ගනිමින් රැස්වීම් පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි.
මෙම වැඩපිළිවෙළට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.