දළ පූට්ටුවා මැරූ පාපතරයින්ට ගජමුතු ලැබුනේ කෙසේද?

දළ පූට්ටුවා මැරූ පාපතරයින්ට ගජමුතු ලැබුනේ කෙසේද?

December 3, 2017   01:47 pm



ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කර එම හස්තියාගේ දළ යුගල කපා අළෙවි කිරීමට සූදනම් වූ ආකාරය පසුගිය දින කිහිපය පුරාම අද දෙරණ උකුස්සා රට හමුවේ අනාවරණය කළේය.

එහිදී ජාවාරම්කරුවන් සතුව තිබූ ගජමුතු 6 ක් ද වලාන දූශන මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිය බාරය ගනු ලැබීය.

ජාවාරම්කරුවන් මෙම ගජමුතු ලැබුනේ කෙසේද යන්න පිළිබඳ සැබැවින්ම පවතින්නේ ගැටලු කාරී තත්වයකි.

මොවුන් මෙම ගජමුතු ලැබීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු නොවන්නේද?

ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වූ බවක් බැලූ බැල්මට දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ.

සොයාගත් ගජමුතු ලබාගෙන ඇත්තේ කවර ඇතුන් ඝාතනය කරද යන්න සොයා බැලීම  දැන් බලධාරීන්ගේ වගකීමකි.

 එතෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්