කුඹුරකින් බෝම්බ දෙකක් මතුවෙයි

කුඹුරකින් බෝම්බ දෙකක් මතුවෙයි

November 24, 2017   07:33 pm

නිකවැරටිය කිරිඳිගල්ල ප්‍රදේශයේ කුඹුරකින් අත්බෝම්බ දෙකක් හමුවී තිබේ.

කන්න කිහිපයක් වගා නොකල කුඹුරක වගා කටයුතු සඳහා ගිය ගොවීන්ට නියරක් මත තිබූ මෙම අත්බෝම්බ දෙක දක්නට ලැබී ඇත.

පසුව මේ පිළිබඳව පොලිසියට කළ දැනුම්දීම අනුව පොලිසිය විසින් බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවා ඒවා නිශ්ක්‍රීය කර තිබේ.

මළ බැඳී තිබූ ආකාරය අනුව වසරකට වැඩි කාලයක් ඒවා නියර මත තිබෙන්නට ඇති බව පොලිසිය පවසයි.