ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සාමාජිකයන් පත් කිරීමට ඡන්ද විමසීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සාමාජිකයන් පත් කිරීමට ඡන්ද විමසීමක්

November 24, 2017   02:18 pm




ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයේ පවතින පුරප්පාඩු 06 ක් සඳහා නව සාමාජිකයන් පත් කිරීමට අදාලව තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

අදාල පත්වීම් සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ පස්වරු 03.00න් අවසන් වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත අතර ඉන් දස දෙනෙකු ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා අතර සෙසු සාමාජිකයන් නිල බලයෙන් පත්වනු ලැබේ.

ඒ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා සාමාජිකයන් දස දෙනා අතරින් 06 දෙනෙකුගේ තනතුරු මේ වන විට පුරප්පාඩුව පවතින බව  වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා පැවසීය.