ඔස්කා පිස්ටෝරියස්ට වසර 15 ක සිර දඬුවමක්
සයුරෙන් එතෙර

ඔස්කා පිස්ටෝරියස්ට වසර 15 ක සිර දඬුවමක්

November 24, 2017   02:09 pm



දකුණු අප්‍රිකානු ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්  සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් ලබාදුන් සිර දඬුවම එරට මහාධිකරණය මඟින් වසර 15 ක් දක්වා දිගු කර තිබේ. 

මීට පෙර ඔහු මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ වැරදිකරු බවට තීන්දු කොට තිබිණ.

ඔස්කා පිස්ටෝරියස්ට යළි දඬුවම් පැමිණ විය යුතු බවට විනිශ්චයකාරවරුන් පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලය විසින් නිර්දේශ කර තිබිණි.

2013 පෙබරවාරි 14 වෙනිදා, පෙම්වතුන්ගේ දිනයෙහි, ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් වෙඩි තබා මරා දමන ලදී.